ජීවිතේ පණ වගේ ආදරේ කරපු කෙනෙක් වෙන් වෙලා යද්දී ඒ හැඟීම මොන වගේ වෙන්න ඇත්ද..
මැරෙන්න... නෑ... ඊටත් එහා දෙයක් වෙනව නම් කියලා හිතෙයි.. මොනවා කරන්න ද.. දාලා යන කෙනා හිත හදාගෙන ගියාට තනි උන කෙනා තමන්ගෙම ලෝකේ සරණාගතයෙක් වෙනවා..
ආතක් පාතක් නැති එකෙක් වගේ.. හැමදේමත් එක්ක අතීතෙ කරපු කියපු දේවල් මතක් වෙද්දි පපුව දිගට හීනියට වේදනාවක් ඇදීලා යන්නෙ මුළු ඇඟම පණ නැති කරලා.. අඬන්න බැරි කමට ඉවසලා ඉද්දි ඒක පිට වෙන්නෙ දරා ගන්න බැරි තරමට එන ඔලුව කැක්කුමකින්.. කතා කරන හැම වචනෙම හිර වෙන්නෙ ගන්න හැම හුස්මකම හැඟීම් සමුදායක් කැටි වෙලා තියෙන්නෙ මම උඹට දුන්නු ආදරේ වෙනුවෙන්..
උඹ දැන් උඹේ ලෝකේ සතුටින් ඇති..
මම.........???
උඹ නැතුව මගේ ලෝකෙ මොන සතුටක් ද බන්..
ඇහැරුන වෙලාවෙ ඉඳලම උඹ ගැන හිතන මම..
රෑටත් ඇහැරුන ගමන්ම උඹවම හොයන මම..
උඹවම ඕනි කියලා හිත එක්ක හැප්පෙන මම..
උඹ නැතුව කොහොම ඉන්නද..??
විශ්වාසයක් තියෙනවා.. මගේ ලෝකෙටත් දවසක ඉර පායයි කියලා..
ඒත් ඒ ඉර දකින්න කළියෙන් මන් උඹේ මතකෙත් එක්කම අඳුරට පෙම් බඳීද කියලයි මට බය..
No comments:
Post a Comment