පෙරත් මේලෙස දුරුතු මාසෙට
සීත හිරිපොද වැටෙන්නට ඇති..
හුරුවෙලා මම සීතලට තනි යහනෙ
නිදිසුව ලබන්නට ඇති..
ආදරේ ගෙන මගේ ලෝකෙට
නුඹට එන්නට සිතෙන්නට ඇති..
පතන හින්දම නුඹේ උණුහුම
සීත දැන් මට දැනෙනවා ඇති ..
ගඟක් සේ ගැලු සෙනෙහෙ දියවර
ළඟ මගේ සිත සැලෙන්නට ඇති ..
ළඟ මගේ සිත සැලෙන්නට ඇති ..
හිතපුරා ආදරේ ලැබුනම
මමත් නුඹටම බැඳෙන්නට ඇති..
නැගෙනවිට සිහියට නුඹේ රුව
සිතින් නුඹ ළඟ රැඳෙන්නට ඇති..
නුඹේ සෙනෙහස් කන්ද පාමුල
No comments:
Post a Comment